ශ්‍රී ලංකාවට ලකුණු 129ක ඉලක්කයක් 

ශ්‍රී ලංකාවට ලකුණු 129ක ඉලක්කයක් 

February 3, 2026   08:51 pm

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් විස්සයි20 තරග ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 129ක ඉලක්කයක් හිමිව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

එහිදී ඔවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 128ක් රැස්කළේය.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් සෑම් කරන් ලකුණු 58ක් රැස්කළ අතර ජොස් බට්ලර් ලකුණු 25ක් රැස්කළේය.

මෙහිදී අගනා පන්දු යැවීම නිරතවූ දුෂ්මන්ත චමීර කඩුලු 05ක් දවාගත්තේය.

මෙය දුෂ්මන්ත චමීරගේ විස්සයි20 තරග රටාවේ හොඳම පන්දු යැවීම මෙන්ම කඩුලු 5 දවාගත් පළමු අවස්ථාවේ.